
උපාධි පිරිනමන පෞද්ගලික අධ්‍යාපන ආයතන, ඒ සඳහා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම අත්‍යාවශ්‍ය නොවන බවට පසුගියදා උසස් අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට් නිවේදනය නිසා මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ විශාල ආන්දොaලනයක් හට ගත්තේය. වෛද්‍ය සභාවේ නියාමනය නැවතුනහොත් උසස් අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිරිහී යැම නොවැළැක්‌විය හැකි බව මේ පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට සහභාගිවී අදහස් දැක්‌වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා උපාධි පිරිනැමීම සඳහා පෞද්ගලික අංශයටත් ඉඩකඩ ලබාදීමට රජය...