Monday, January 14, 2013

මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වසා දැමීමේ අඛණ්ඩ සටන ඇරඹේ!

සභාපති - කොළඹ වෛ.පී.ශි.ස
මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරනතුරු අඛණ්ඩව සටන්මගට පිවිසීමට වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරීකමිටුව තීරණය කිරීමත් සමග එහි සමාරම්භය සනිටුහන් කරමින් කොළඹ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සංවිධානත්වයෙන් එහි සිසුන් විසින් අද දින එම පීඨය ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වන ලදී.

"රෝගී ජීවිත අනතුරේ හෙලන මාලඹේ උපාධි කඩය වහා අහෝසි කරනු! PMC ආචාර්යවරු මුදලට බිලි බායි රජයේ වෛද්‍ය පීඨ අනතුරේ! මීලග PMC ය කොතලාවලද? නිදහස් අධ්‍යාපනයත් අධ්‍යාපනයේ නිදහසත් සුරකිමු"

වැනි පුවරු රැගෙන වෛද්‍ය ශිෂ්‍යයෝ පැයකට ආසන්න කාලයක විරෝධතාවයේ නියැලෙන ලදී.

විරෝධතාවය අවසානයේ වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමයේ සභාපති යසිත වීරසිංහ සොහොයුරා සහ වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක‍්‍රියාකාරී කමිටුවේ කැඳවුම්කරු නජිත් ඉන්දික සොහොයුරා අදහස් දක්වන ලදී. යසිත වීරසිංහ සොහොයුරා අදහස් දක්වමින් අද රට තුල ප්‍රධාන මාතෘකාව දෝෂාභියෝගය නමුත් ඉතා සුක්ෂම ලෙස අධ්‍යාපන පෞද්ගලිකරණයේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක වනබවත් පසුගිය වසරේ ජනවාරි මස ශිෂ්‍ය උද්ඝෝෂණ හමුවේ හකුලා ගත පෞද්ගලික විශ්ව විද්‍යාලය පනත නැවතත් ගෙන ඒමේ සුදානමක් පවතින බව පවසන ලදී. තවදුරටත් අදහස් දක්වමින් 2013 අය -වය මගින් අධ්‍යාපනයට වෙන් කරන මුදල දළජාතික නිෂ්පාදනයෙන් 1.8% සිට 1.5% දක්වා අඩුකර ඇතිබවත් එසේ අඩුකර ඇත්තේ මේ වසරතුල විශ්ව විද්‍යාල වලට අමතර සිසුන් 5000ක් එනම් 25 ‍්‍ර වැඩිපුර ප්‍රමාණයක් පසුගියවසරට සාපේක්ෂව බදවා ගන්නා වාතාවරණයක් තුල බවත් එසේ අමතර සිසුන් බදවා ගනිද්දීත් අධ්‍යාපනයට වෙන්කරන ලද මුදල අඩුකිරීම තුල විශ්ව විද්‍යාල ශිෂ්‍යන්ට අනාගතයේ දැවැන්ත ප්‍රශ්න රැසකට මුහුනදීමට සිදුවනු ඇති බවට ප්‍රකාශ කරන ලදී. අධ්‍යාපන පෞද්ගලිකරණයේ නියාමන ව්‍යාපෘතිය ලෙස ආරම්භ කල මාලඹේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය දිගින් දිගටම රටේ සාමාන්‍ය නීතිය කඩකරමින් රාජ්‍ය අනුග්‍රහය සහිතව ඉදිරියට අදෙනබවත් මේ තුල අනාගතයේ වෛද්‍ය වරයෙක් වීම සාමන්‍ය ජානතාවගෙන් ඈත්වී සමජයේ ඉහල පැලැන්තියේ ආභරණයක් වනු අති බවත් එම නිසා අනාගත පරපුර වෙනුවෙන් රාජ්‍ය අධ්‍යාපනය රක ගැනීමට වර්තමාන පරපුර සටන් කලයුතුබවත් ප්‍රකාශ කරන ලදී. නිදහස් අධ්‍යාපනය යනු දුප්පතාගේ පමණක් අයිතිවාසිකමක් නොව එය පොහොසතාටත් අයිති බවත් සබැ ලෙසම නිදහස් අධ්‍යනය නියම දක්ෂයන් බිහිකරන ඉතා සාධාරණ ක්‍රමයක් බවත් ප්‍රකශ කරන ලදී. අද වනවිට ආණ්ඩුවේ පච නාලිකා යොදාගනිමින් මාලඹේ ඉදිකර ඇත්තේ රටේ දුප්පත් ජනතාව වෙනුවෙන් බව ප්‍රකාශ කරමින් යන අතර රටේ දුප්පත් අම්මටා තාත්තාට තවත් පරම්පරා දහයකින් හෝ තම දුවෙක් පුතෙක් මුනුබුරෙක් වෛද්‍ය වරයෙක් වනු දැකිය හැකි වන්නේ නිදහස් අධ්‍යාපනය තුලින් පමණක් බවත් එසේ නොමැතිව ලක්ෂ 65 අධික මුදලක් වැයකරමින් උපාධි කඩ තුලින් නොවන බවත් වැඩි තුරටත් පවසන ලදී.

වසර තුනක් ගිය බැවින් කිසිවිටකත් අධෛර්යමත් නොවන බවත් ලාංකේය වෛද්‍ය ශිෂ්‍යාට ඇත්තේ කිසිදා දන නොගැසූ පෞර්ෂයක් බවත් අභියෝග හමුවේ පලනොගිය පරාජය පිලි නොගත් ඉතිහාසයක් බවත් එම නිසා හෙට දිනයේ වෛද්‍ය ශිෂ්‍යන් අනෙකුත් විශ්ව විද්‍යාල ශිෂ්‍යන් වෛද්‍ය වරුන් වෛද්‍ය ශිෂ්‍ය දෙමාපියන් හා අනෙකුත් වුර්තිය සමිති යන බල වේගයක් සමග මාලඹේ වසන අඛණ්ඩ සටනට පිවිසෙන බවත් එම සටන අවසන් වනුයේ ජයග්‍රහනයෙන්ම පමනක් බවත් වෙනුර එදිරිසිංහ ත්‍රිමා විතාන බිහිකළ කොළඹ වෛද්‍ය පීඨය මෙම සටනෙද ඉදිරියෙන්ම නව ජවයකින් නව උද්යෝගයකින් කටයුතු කරන බව වැඩිදුරටත් පවසන ලදී.

නජිත් ඉන්දික සොහොයුරා අදහස් දක්වමින් කොළඹ වෛද්‍ය පීඨය අද ලබා දුන් ආරම්බයත් සමග රට පුරා සියලු වෛද්‍ය පීඨ වල මෙම සති දෙක තුල උද්ඝෝෂණ රැල්ලක් පවත්වන බවත් ඉන් අනතුරුව සාමුහික ක්‍රියාමාර්ග වලට අවතීරණය වීමට බලාපොරොත්තු වන බවත් පවසන ලදී. මාලඹේ වසන සටනේ දෙවන අදියර මෙසේ ආරම්භ කල බවත් මෙය අවසාන අදියර බවත් මෙම අදියර අවසානයේ දෙකෙන් එකක් බේරා ගැනීමට වෛද්‍ය ශිෂ්‍යන් බලාපොරොත්තු වෙන බවත් ආණ්ඩුවට කහ වැස්සක් රතු වැස්සක් උල්කාපාතයක් පෙන්වා මෙය මගහැර යා නොහැකි ලෙස මෙය සමාජ අරගලයක් බවට පත්කරන බවත් සියලුම සිසුන් එකා මෙන්ම අවසානය තෙක් එකට සිටිය යුතු බවත් පවසන ලදී. බීරන්ට ඇසීමට වඩාත් වැඩි ශබ්දයක් අවශ්‍ය බැවින් එසේ සිදුකිරීමට අපට සිදුවන බවත් මෙම සටන ජයග්‍රහණයකින් මෙපිට කිසිදා නොනවත්වන බවත් වැඩි දුරටත් ප්‍රකාශ කරන ලදී.

0 comments:

Post a Comment