Thursday, June 7, 2012

සදහම් සරණිය - බැති ගී ප්‍රසංගය 2012

     වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ 34 වන ශිෂ්‍ය කණ්ඩායමේ සොයුර සොයුරියන් විසින් සංවිධානය කරනලද පොසොන් බැති ගී සරණිය 2012 ජුනි මස 06 වන දින සවස 6.30 ට වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී ඉතා සාර්ථකව පවත්වන ලදී.‍

     ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ කලා කෟෂල්ය්‍යයන් ඔප් නැංවීම, විශය භාහිර ක්‍රියාකාරකම් සහ අන්නෝන්‍ය සුහදත්වය වැඩිදියුනු කිරීම උදෙසා මෙය වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ පලමුවන ශිෂ්‍ය කණ්ඩායමේ සොයුර සොයුරියන් විසින් වාර්ශිකව සංවිධානය කරන්නකි.

     මෙම අවස්ථාව හා වෛද්‍ය පීඨයේ පිඨාධිපති සම්පත් ගුණවර්ධන මහතා ඇතුලූ ආචාර්ය මණ්ඩලයේ විශාල පිරිසක් සහ අනධ්‍යන කාර්යමණ්ඩලයේ මහත්ම මහත්මීන් ද සහබාගීවූහ.

     එදින වෛද්‍ය පීඨ පරිශ්‍රයේදී අවසන්කරන ලද ප්‍රසංගය නැවතත් කරාපිටිය ශික්ෂණ රෝහලේ පිලිකා ඒකකයද ඇතුලූව තොරාගන්නාලද අනෙකුත් ඒකක කිහිපයකහිදීද පවත්වන ලදී.





0 comments:

Post a Comment