අපෙන් දැයට වාර්ශික සෞඛ්‍ය කඳවුර - 2013

Updatng...

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වහා අහොසිකරනු!!!

මේවනවිට මාලඹේ ප්‍රදේශයේ නීතිවිරෝධී අයුරින් පවත්වාගෙන යනුලබන පෞද්ගලික උපාධි කඩය වහා අහෝසිකරන ලෙස බලකරම්න් වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රීයාකාරී කමිටුව විසින්...

වාර්ශික ලේ දන්දීමේ වැඩසටහන...

අසරණ වූ රෝගීන් වෙනුවෙන්, වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය මගින් වාර්ශිකව සංවිධානය කරනු ලබන ලේදන්දීමේ වැඩසටහන...

නිදහස් අධ්‍යාපනය සුරක්ෂිත කරනු!!!

පෞද්ගලික විශ්වවිද්‍යාල වහා ‍අහෝසිකර නිදහස් අධයාපනය සුරක්ෂිත කරන ලෙස බලකරම්න වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව විසින්...

සදහම් සරණිය - බැති ගී ප්‍රසංගය 2012

වෛද්‍ය පීඨ ශිෂ්‍ය සංගමය සහ 34 වන ශිෂ්‍ය කණ්ඩායමේ සොයුර සොයුරියන් විසින් සංවිධානය කරනලද පොසොන් බැති ගී සරණිය 2012...

Friday, March 7, 2014

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් රජයේ වෛද්‍ය උපාධිය දෙනවාට මම විරුද්ධයි! - ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා

උපාධි පිරිනමන පෞද්ගලික අධ්‍යාපන ආයතන, ඒ සඳහා වෛද්‍ය සභාවේ අනුමැතිය ලබා ගැනීම අත්‍යාවශ්‍ය නොවන බවට පසුගියදා උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශය නිකුත් කළ ගැසට්‌ නිවේදනය නිසා මෙරට අධ්‍යාපන ක්‍ෂේත්‍රය තුළ විශාල ආන්දොaලනයක්‌ හට ගත්තේය. වෛද්‍ය සභාවේ නියාමනය නැවතුනහොත් උසස්‌ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය පිරිහී යැම නොවැළැක්‌විය හැකි බව මේ පිළිබඳ දිවයින ඉරිදා සංග්‍රහය සමග සාකච්ඡාවකට සහභාගිවී අදහස්‌ දැක්‌වූ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා උපාධි පිරිනැමීම සඳහා පෞද්ගලික අංශයටත් ඉඩකඩ ලබාදීමට රජය ප්‍රතිපත්තිමය තීරණයක්‌ ගෙන ඇතිබැවින් අද සිදුවිය යුත්තේ එම උපාධිවල ප්‍රමිතිය ආරක්‍ෂා කිරීම බවද ප්‍රකාශ කරයි.
අපේ රටේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය ආරම්භ කළ යුගයේ සිටම ඔබ ඒ පිළිබඳ දැඩි සුපරීක්‍ෂාවෙන් පසුවන කෙනෙක්‌. පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අපේ රටට හානියක්‌ද?

අපේ රටේ බටහිර වෛද්‍යවිද්‍යා අධ්‍යාපනය පටන් ගත්තේ 1870 දී. ඒ අධ්‍යාපනයේ පදනම බ්‍රිතාන්‍ය ආකෘතියට අනුවයි සකස්‌ වෙලා තිබුණේ. එය සාර්ථකව කෙරුණා. 1887 පමණ වන විට මේ වෛද්‍ය විද්‍යාලයෙන් බිහිවුණු වෘත්තිකයන්ට බ්‍රිතාන්‍යයේ පමණක්‌ නොව පොදු රාජ්‍ය මණ්‌ඩලයට අයත් ඕනෑම රටක කිසිදු වෙනත් විභාගයකට පෙනී සිටීමෙන් තොරව වෛද්‍ය වෘත්තිය කරගෙන යැමේ නෛතික අයිතිය වික්‌ටෝරියා මහ රැජින විසින් පවරනු ලැබුවා. අපි දිගින් දිගටම රැකගෙන ආවේ ඒ සම්ප්‍රදායයි.

බ්‍රිතාන්‍යයෙත් පළමුවෙනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටෙව්වේ මේ මෑතකදී. එයට රාජ්‍ය වෛද්‍ය විද්‍යාල පද්ධතියට ඇතුල් වීමට ඉඩ නොලැබුණා පමණක්‌ නොව එයට බ්‍රිතාන්‍ය රජයේ විශේෂ අවසරයක්‌ද ලබාගත යුතු වුණා. ශ්‍රී ලංකාවේ මුල්ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ක්‍රියාත්මක වුණේ 1981 දී. අපේ රටේ පළමුවෙනි පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ආරම්භ කළේ ව්‍යාපාරිකයෝ නෙවෙයි ඉහළ පෙළේ වෛද්‍යවරුන් පිරිසක්‌.

මේ අය පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය පිහිටුවාගෙන කොළඹ රජයේ වෛද්‍ය විද්‍යාලය පිරිනමන උපාධිය ඉල්ලා සිටියා. ගැටුම පටන්ගන්නේ ඔන්න ඔතනින්.

මම විරුද්ධ වුණේ පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයට නෙවෙයි. කොළඹ වෛද්‍ය විද්‍යාලයේ උපාධිය ඒ අයටත් පිරිනමනවාටයි. කොළඹ රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට සුදුසුකම් නොලැබුණු එහෙත් සල්ලි තියෙන අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකින් කොළඹ රජයේ වෛද්‍ය විද්‍යාල උපාධියම ලබාදීම අසාධාරණයි. ඒ නිසා අපි එයට තදින්ම විරුද්ධ වුණා. එය සාර්ථක වූ බවත් කවුරුත් දන්නවා.

නමුත් අද රජයේ වෛද්‍ය විද්‍යාලයට ඇතුල්වෙලා මහජන මුදලින් අධ්‍යාපනය ලබල වෛද්‍ය වෘත්තියට පිවිසෙන අති බහුතරය පෞද්ගලික චැනල් සේවයේ යෙදෙනවා. අද වෛද්‍ය සේවයත් සෞඛ්‍ය සේවයත් ගුණාත්මක බවින් පිරිහුණු මුදල් උපයන ව්‍යාපාර බවට පත්වී ඇති බවට බරපතළ චෝදනාවක්‌ නැඟී තිබෙනවා?

ඔබ මතුකරන ඔය ප්‍රශ්නය කෙළින්ම වෛද්‍ය අධ්‍යාපනයට සම්බන්ධ ප්‍රශ්නයක්‌ නෙමෙයි. එය අද අපේ රටේ සදාචාරය සහ ගුණ යහපත්කම හා සම්බන්ධ ප්‍රශ්නයක්‌. නමුත් ඔබ සඳහන් කළ මේ චෝදනාව ඇත්ත. අද අපේ රටේ සමස්‌ත සමාජයේම පිරිහීමක්‌ තිබෙනවා. වෛද්‍යවරුන් කියන්නෙත් මේ පරිහානියට පත්වෙමින් යන සමාජයේම කොටසක්‌. ඔවුන්ට පමණක්‌ එයින් ගැලවෙන්නට බැහැ.

අද සමාජයේ මෙය ඉතාමත් සංකීර්ණ ප්‍රශ්නයක්‌. මෙය අපේ රටේ වේගයෙන් ඉහළ යන ජනගහනයත් සමග මතුව ආ ප්‍රශ්නයක්‌. එය පුළුල් මාතෘකාවක්‌ වගේම වෙනම සාකච්ඡා කළ යුතු කාරණයක්‌.

ඕනෑම රටක වෛද්‍ය වෘත්තීය, ඉංජිනේරු වෘත්තිය, නීති වෘත්තිය වැනි සේවාවන් උසස්‌ වෘත්තීන් හැටියටයි පිළිගැනෙන්නේ. රටේ මුදල් ඇති අයට පමණක්‌ මේ වෘත්තීන්ට පිවිසීමට හැකිවන පරිදි කරුණු කාරණා යෙදීම ගැන සමාජවාදී සමාජයක්‌ අගයන ඔබ දරන මතය කුමක්‌ද?

සමාජවාදය ධනවාදයට වඩා රටකට යහපත් බව මගේ විශ්වාසයයි. ප්‍රජාතන්ත්‍රවාදයටත් අපි ගරු කරනවා. ජනතාව රටේ පක්‍ෂවලට ඡන්දෙ දෙනව. අපේ රටේ කිසිම පක්‍ෂයකට සමාජවාදය පිළිගන්නා විශාල පිරිසකගේ සහයෝගය මේ දක්‌වා ලැබිලා නෑ. නමුත් එයින් මම සමාජවාදය ගැන කලකිරෙන්නෙ නෑ. අපේ රටේ ජනතාව තුළ තවම එබඳු දැක්‌මක්‌ ඇතිවෙලා නෑ. එය බලෙන් ඇතිකළ හැකි දෙයකුත් නෙමෙයි.

කාල්මාක්‌ස්‌ සමාජ විකාශනය දුටුවේ අවධි ගණනාවකින් සිදුවන දෙයක්‌ විදිහටයි. මුලින් ගෝත්‍රික සමාජය. ඒ තුළ බලවත් අය අධිකාරියක්‌ පිහිටුවා ගත්ත. මේ ගෝත්‍රික සමාජ ක්‍රමානුකූලව කෘෂිකර්මාන්තය හරහා වැඩවසම් යුගයට එළඹුණා. වාණිජ සමාජය ඔස්‌සේ ධනවාදී සමාජය ඇතිවුණා. ලාභය බෙදී යැම පිළිබඳ ගැටලු මතු වුණත් ධනවාදී සමාජයේ නිෂ්පාදන බලවේග ඉතා ඉහළයි. ධනවාදයට පසුවයි සමාජවාදය බිහිවන්නේ. ධනවාදය නැතිව සමාජවාදයට බිහි වෙන්නත් බෑ. අපි තවම ඒ යුගය පහුකළේ නෑ. අපි දැනුයි ඒ යුගයට ඇතුල් වෙමින් ඉන්නේ. නමුත් සමාජවාදය පිළිගන්නකම් කියල අපට අතපය හකුලවගෙන ඉන්න බෑ. මේ යුගයේ අපේ සමාජයේ ක්‍ෂේත්‍ර දෙකකට තදින්ම රජයේ මෙහෙයවීම හා මැදිහත්වීම අවශ්‍ය බව මා විශ්වාස කරනවා. ඒ තමයි සෞඛ්‍යය හා අධ්‍යාපනය. අපේ රටේ හැම රජයක්‌ම මේ ක්‍ෂේත්‍ර දෙකට අඩු වැඩි වශයෙන් අනුග්‍රහ දක්‌වල තියෙනවා. එයින් දුරස්‌වෙලා නෑ. නාමික වශයෙන් හෝ නිදහස්‌ අධ්‍යාපනයත් තියෙනවා. සෞඛ්‍ය සේවයකුත් තිබෙනවා. ප්‍රතිපත්තියක්‌ වශයෙන් එය ප්‍රතික්‌ෂේප වෙලානෑ.

අද පෞද්ගලික අංශයටත් මේ ක්‍ෂේත්‍ර දෙකේම යම්කිසි කාර්ය භාරයක්‌ තිබෙනවා. අද වෛද්‍ය පීඨ අටක්‌ තියෙනවා. වසරකට සිසුන් දහසක්‌ පමණ ඒවාට ඇතුළත් කර ගන්නවා. තවත් විශාල ඉල්ලුමක්‌ තිබෙනවා. මේ අය සුදුසුකම් නැති පිරිසක්‌මත් නෙමෙයි. ඒ අයට පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක්‌ පිහිටුවීම වරදක්‌ ලෙස මා දකින්නේ නෑ. රජය තිබෙන වෛද්‍ය විද්‍යාල දියුණු කළ යුතුයි. එය සමාජවාදීයි. පෞද්ගලික ක්‍ෂේත්‍රයටත් යම් ඉඩක්‌ දිය යුතුයි. එය ධනවාදීයි.

නමුත් මේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාල ඇතුළු උපාධි පිරිනමන ආයතනවලට වෛද්‍ය සභාවේ අනුමැතිය අනවශ්‍ය බවට පසුගියදා ගැසට්‌ නිවේදනයක්‌ නිකුත් වුණා. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවයට මෙයින් ඇතිවන බලපෑම කෙබඳුද?

රජය ප්‍රතිපත්තියක්‌ වශයෙන් පෞද්ගලික ක්‍ෂේත්‍රයටත්, අධ්‍යාපනය කරන්න අවසර දීල තියෙනවා. සිදුවිය යුත්තේ එහි ප්‍රමිතිය රැක ගැනීමයි. වෛද්‍ය ක්‍ෂේත්‍රයට පමණක්‌ නෙමෙයි ඉංජිනේරු, වාස්‌තු විද්‍යා වැනි ක්‍ෂේත්‍ර ගණනාවකටත් මේ සඳහා මණ්‌ඩල පිහිටුවා තිබෙනවා. මේ ක්‍ෂේත්‍රවල ප්‍රමිතිය රකින්නේ ඒ නිල මණ්‌ඩල. එය අත්‍යවශ්‍යයි. එය එසේම විය යුතුයි කියල ගිය අවුරුද්දේ අගෝස්‌තු 22 දා උසස්‌ අධ්‍යාපන අමාත්‍යතුමාගෙන් ගැසට්‌ නිවේදනයකුත් ලැබුණා. එහි තිබුණේ වෛද්‍ය ක්‍ෂේත්‍රය ඇතුළු ක්‍ෂේත්‍ර ගණනාවක උපාධි පිරිනමන ආයතන සඳහා මේ නිල මණ්‌ඩලවල අනුමැතිය අනිවාර්ය බවයි. නමුත් ඒ ගැසට්‌ නිවේදනයට සංශෝධනයක්‌ ලෙස පසුගිය ජනවාරි 31 දා තවත් ගැසට්‌ නිවේදනයක්‌ ආවා. එහි සඳහන් වුණේ අනුමැතිය අනිවාර්ය නෑ. ලබා ගත්තොත් හොඳයි කියලයි. පසුගිය අගෝස්‌තු 22 ගැසට්‌ නිවේදනයේ ශැල් ඔබ්ටේන් කියන වචනය වෙනුවට ජනවාරි 31 ගැසට්‌ නිවේදනය තිබුණේ මේ ඔබ්ටේන් කියලයි. අනිවාර්ය කරල තිබුණු දෙයක්‌ කැමති නම් ලබාගන්න කියල කිව්වම අපේ රටේ කවුද ඕව ගන්නේ.

වෛද්‍ය සභාවේ සභාපතිවරයා හැටියට ඔබ මේ ගැන මොකද කළේ?

උසස්‌ අධ්‍යාපන අමාත්‍යවරයා මගේ හොඳ මිත්‍රයෙක්‌. මේ මොකද වෙන්නේ කියල අහන්න එතුමා ඇමතුවත් අවාසනාවට එතුමා පිටරට ගිහින්. උසස්‌ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්තුමාත් මම හොඳට දන්න කෙනෙක්‌. නමුත් එතුමා සම්බන්ධ කර ගන්නත් බැරිවුණා. ඔය අතරවාරේ තමයි වෛද්‍ය සභාවේ මාසික නිල රැස්‌වීම එළඹුණේ. මේ ගැසට්‌ නිවේදනයේ හැටියට දැන් ඉතින් වෛද්‍ය සභාවක්‌ අවශ්‍ය නෑ නේද කියන ප්‍රශ්නය එහිදී මතුවුණා. වෛද්‍ය සභාව පිළිබඳ නිල බලය හිමි සෞඛ්‍ය අමාත්‍යවරයාට මේ පිළිබඳ දන්වල සභාපති හැටියට මමත් රිෂ්වි ෂෙරිµa, උපුල් ගුණසේකර, චන්දන අතපත්තු, ශිව ප්‍රිය ඇතුළු පිsරිසක්‌ අමාත්‍යතුමා හමුවුණා. මේ පිළිබඳ ඊමේල් පණිවිඩයකින් හෝ ජනාධිපතිතුමාත් දැනුවත් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යතුමා අපට දන්වා සිටියා. අපේ රටේ වෛද්‍ය අධ්‍යාපනයට තර්ජනයක්‌ විය හැකි ගැසට්‌ නිවේදනයක්‌ පළ වී තිබෙන බව අපි ජනාධිපතිතුමාට දැනුම් දුන්නා. ඒ ගැසට්‌ නිවේදනය අවලංගු කිරීමට තීරණය වුණේ එහෙමයි.

පෞද්ගලික අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය පරීක්‌ෂාකිරීමට සහ ඒවායින් ලබාදෙන අධ්‍යාපනයේ ගුණාත්මක භාවය රැක ගැනීමට පවතින වැඩපිළිවෙළ ප්‍රමාණවත්ද?

උපාධි පිරිනමන පෞද්ගලික අධ්‍යාපන ආයතනවලට තිබිය යුතු අවම සුදුසුකම් ඒ ආයතන සපුරා තිබෙනවාද යන්න පරීක්‍ෂා කර බැලීම වෛද්‍ය සභාවේ කාර්ය භාරයයි. මෙරට වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මක භාවය සුරැකීම වෙනුවෙන් වෛද්‍ය සභාව කැපවී කටයුතු කරනවා. පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලින් බිහිවෙන්නෙ අදක්‍ෂයින් කියල නිගමනයකට එළඹෙන්න පුළුවන්කමකුත් නෑ. ජනාධිපති ප්‍රේමදාස මහතාගේ මැදිහත්වීම මත උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලයෙන් එවකට බිහිවූ 850 ක්‌ පමණ වූ වෛද්‍යවරුන් අතර ඉතාමත් දක්‍ෂ වෛද්‍යවරුන් සියයකට වඩා හිටියා. එම නිසා පෞද්ගලික වෛද්‍ය අධ්‍යාපනයෙන් හානියක්‌ම සිදුවෙනවා කියන සංකල්පය මා තුළ නෑ.

සාකච්ඡා කළේ පාලිත සේනානායක

Friday, February 14, 2014

35th batch Time table

Time table for 35th Batch is now displayed on MFSU RUHUNA web site............

community medicine lecture schedule - 33rd Batch

Community Medicine lecture schedule for 33rd Batch is now displayed on MFSU RUHUNA web site.....

Thursday, February 13, 2014

Notice - Pathology - 33rd batch

Alteration of practical schedule of 33rd batch

Pathology practical schedule - 33rd batch

Pathology practical schedule for 33rd batch is now displayed on MFSU RUHUNA web site.....